කටුනායක සහ තඹුත්තේගම රිය අනතුරු අනතුරුවලින් දෙදෙනෙක් මරුට

කටුනායක සහ තඹුත්තේගම රිය අනතුරු අනතුරුවලින් දෙදෙනෙක් මරුට

2024.12.14 වන දින අළුයම් කාලයේ කටුනායක පොලිස් වසමේ ගුවන්තොටුපල 18 කණුව මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අසලදී ගුවන්තොටුපල දෙස සිට 18 කණුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලබා පැදිකරුවන් දෙදෙනෙකු, පසුපැදිකරුවෙකු හා පසුපැදිකාරියක් මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මිය ගොස් ඇත.මරණකාරිය වයස අවුරුදු 42 ක් වූ පිටිපන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර 2024.12.14 වන දින අළුයම් කාලයේ තඹුත්තේගම පොලිස් වසමේ පාදෙනිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්කඩවල ප්‍රදේශයේදී පාදෙනිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ලොරි රථයේ බඳ කොටසේ ගැටී පෙරලී ගොස් අනතුරක් සිදු ව ඇත. අනතුරින් රියදුරන් දෙදෙනා සහ තවත් අයෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා ලොරි රථයේ රියදුරු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 20 ක් වූ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.