උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10)උදෑසන 8.30 සිට යළි යථාතත්වයට පත්කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එම දුම්රිය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (09)දින පස්වරු 6.00 ට පමණ පීලිපැනීමකට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඊයේ (09) දින රාත්‍රියේ කොළඔ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද(10) දින උදෑසන වන තෙක් නතර කර තැබීමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම පීලිපැන අඩි 270 ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය මාර්ගය අබියස වූ කන්දක ගැටී දුම්රිය එන්ජිම නතර වී තිබූ බවයි නිලධාරීන් සඳහන් කළේ.

පීලිපැනීමෛන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හාන් සිදු වී තිබු බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය නිලධාරින් වැඩි දුරටත් පවසන්නේ.