පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.