ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය  1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර,

ඒතැන්  සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීම විශේෂත්වයක්.

සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් ,සමානත්වය සවිමත්කිරීම යන්න මෙවර කාන්තා දින තේමාව වේ .

එම දිනයට සමගාමීව තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් යන්න ප්‍රධාන තේමාව කරගනිමින්  ජාතික, පළාත් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ .