අගමැතිගේ කාන්තා දින පණිවුඩය

කාන්තාවන් දියුණු වන්නේ නම් සමස්ථ ප්‍රජාවම දියුණු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ , ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

කාන්තාවන් නායකත්වය දරන කල්හි සමස්ථ ප්‍රජාවම පරිවර්ථනයකට ලක්වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වුණේ , මේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී, වචනවලින් ඔබ්බට ගොස්, අතීත,වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වෙමු. දිගු කාලීන වෙනසක් සඳහා කැප වෙමු යන්නයි.