වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැතිවීම මීට ප්‍රධාන හේතු වී ඇති බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම සඳහන් කළේ.

ඊට අමතරව වයසට යෑම සහ වයසත් සමඟ අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩිවීම නිසා වයසක පුද්ගලයින්ගේ මෙම රෝගය වැඩි ප්‍රවණතාවයකින් දක්නට ඇති බවද ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයාගෙන ඇති බවයි වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.