රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගත් IPට වැඩ වරදී

නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා.
කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ.
පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දී තිබුණා.