දේශබන්දු සැඟවිලා – තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට හැකි බව පොලීසිය පවසනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට සැඟව සිටින බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කර තිබෙනවා.

ඔහුගේ දුරකථන වාර්තා සහ ඔහු සැඟව සිටින බවට සැකකරන ස්ථාන ද මේ වන විට පරික්ෂා කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

හිටපු පොලිස්පතිවරයා ලෙස විශේෂ සැලකීමක් ඔහු කෙරෙහි නොමැති බවත් සාමාන්‍ය සැකකරුවෙකුට සලකන ආකාරයටම ඔහුට සලකන බවත්, අයෙක් ඔහුව සඟවා තබාගෙන සිටී නම් ඔවුන්ට විරුද්ධවද දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පමුණුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.