මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමේ චෝදනාවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 03 ක් වන අතර, එම සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණා.