සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා කිරිපිටි ටින් 179ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

සිරුර පැහැපත් කිරීම සඳහා යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටිං තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ.

අද උදෑසන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙම නීති විරෝධි කිරිපිටි ටිං 179ක් මෙරටට රැගෙනවිත් තිබුණා.

මොවුන් අතුරින් එක්අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තිය කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.