දේවගැති ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණා.

ජාතීන් අතර ආගමික සහයෝගීතාවට බාධා එල්ලවන පරිදි දේශන සිදුකළ බවට වන චෝදනාවට අදාළව ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගිවීමට විදෙස් ගමන් තහනම බාධාවක් බැවින් එය ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

ඒ අනුව විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණු අතර නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබීමට ද නියෝග කෙරුණා.