සා/පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට – විභාග දෙපාර්තමේන්තුව

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10වනදාට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.

www.donents.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.