මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

මිද්දෙණිය ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයයි විමර්ශන සිදුකළේ.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්දයෙන් වීරකැටිය පොලිස් වසමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඔහු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
එම පුද්ගලයා සැකකරුවන්ට ටී 56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට විමර්ශනවලදී තහවුරු වුණා.
අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.