ඉන්ධන බෙදුම්කරුවන් අද CIDයට කැඳවයි

ඉන්ධන බෙදුම්කරුවන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබෙනවා.
ඒ ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහායි.
ඒ අනුව අද (04) දහවල් 12.30ට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩල සාමජිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබාදීමට නියමිතයි.
මේ අතර ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරනවා.