ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි ඊයේ (03) දිනයේ ද සිදුකළ බවත් ඛනිජ තෙල් හිඟයක් නොමැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.