කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමකින් තරුණයෙකුට තුවාල

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා .

ඊයේ (03) සවස සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් නැමැති පුද්ගලයෙක් .

තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා .

තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ .

සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා .