Clean Sri Lanka පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක්

“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ඊයේ(පෙබ 18) ආරම්භ වුණා.
මෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින් වැඩසටහන වෙත පිවිසි සියලුම නිලධාරීන් පිළිගනිමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පිළිගැනීමේ කතාව සිදුකළා.
“Clean Sri Lanka” වැඩසටහන හා සංකල්පය හඳුන්වාදීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා සිදුකල අතර, “Clean Sri Lanka” සමාජීය ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීම චින්තක රාජකරුණා මහතා සිදුකළා.
මෙම පුහුණු සැසියේදී මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා විසින් “Clean Sri Lanka” වැඩසටහනේ පාරිසරික ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීමද, සාරධර්මීය අංශය පිළිබඳ මූලික දැනුවත් කිරීම කැලුම් ජයවීර මහතා විසින් සිදුකළා.
සැසියේ පළමු දින අවසානයේ ‘තරණය’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අජිත් ජයසුන්දර මහතා විසින් සිදුකළා.
මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහිදී කාන්තා සහ ළමා ආරක්‍ෂක නීතිය පිළිබඳ මූලික දැනුවත් කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා අමරසිංහ මහතා විසින්ද, Responsibility and accountability or public officer යන මාතෘකාව යටතේ දේශණයක් මේජර් ජෙනරල් සජිත් ලියනගේ විසින්ද සිදුකිරීමට නියමිතයි.
මීට අමතරව කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
අප රට ආර්ථිකමය සහ සමාජීය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් සියලුම පුරවැසියන් සම්බන්ධ කරගැනීම සඳහා ක්‍රියාත්මක වන්නා වූ, “Clean Sri Lanka” වැඩසටහනේ අවශ්‍ය අරමුණු සාක්ෂාත් කිරීමටත් හා එකී ඉලක්කගත පිරිස් රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමටත්, මෙම නිලධාරින් පුහුණු කිරීමේ වැඩසටහන ඉවහල් වෙනවා.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ජනාධිපති අතිරේක ලේකම් එස් පී සී සුගීස්වර මහතා, “Clean Sri Lanka” වැඩසටහනේ අධ්‍යක්‍ෂ (ආචාරධර්ම) ඩී සොමිරත්න මහතාද, ආරක්‍ෂක අමත්‍යංශය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක් වුණා.