2025 වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 2, 000ක් ඊශ්‍රායලයට

2025 වසරේ දී ශ්‍රී ලාංකිකයින් 2,000 කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙම වසරේ ජනවාරි මුල සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබෙනවා.