අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද සිට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය අදන් (18) ආරම්භ වනවා.
ඒ අනූව පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක් පැවැත්වෙනවා.
දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඉන්පසුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවැනිවර කියැවීම පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.
ඉන් පසුව විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.
මේ අනුව සමස්ත අයවැය විවාදය 2025 අද (18) සිට මාර්තු 21 දක්වා පැවැත්වෙවෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.