නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රු. ලක්ෂයක මුදල් ඇපයක් සහ රු. මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.