මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද(18) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ද එම රැස්වීමේදී අවධානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (17) පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වී තිබුණා.