පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

දිවයින තුළ මෙම දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙන බව ජල සම්පාධක මණ්ඩලය පවසනවා .

මෙයට හේතු වී ඇත්තේ වියළි කාලගුණය නිසා ජල පෝෂකවල ජල මට්ටම පහළට යෑම බවයි සඳහන් වන්නේ .

මෙම තත්ත්වය නිසා ජනතාව ජලය පරිහරණය කිරීමේදී අරපිරිමැස්මෙන් යුතුව ජල අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා

එමෙන්ම උස් බිම් ස්ථානවල ජීවත්වන ජනතාවට ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති වීමෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි ජල සම්පාධක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ .

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය