පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කටුම්පත සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් ලැබුණු අතර, ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොකිරීම හා ඡන්දය දීමෙන් වැළකී නොසිටීම ද විශේෂත්වයක් වුණා.