වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා සඳහන් කළේ උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි.

අද (17) සහ හෙට (18) අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසනවා.