2025 අයවැය අදයි

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කරනු ඇති.
මෙය නව රජයේ මංගල අයවැය වීම ද විශේෂත්වයක්.
අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18දා සිට 25දා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25දා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 දා සිට මාර්තු මස 21දා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ ඡන්ද විමසීම 21දා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.