2025 අයවැන් සෞඛ්‍යට බිලියන 604ක්

2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තව ද, ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කෙරෙන බව ද යෝජනා කරනවා.
ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමීතීන් සහතිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.