ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 174 ක ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා දෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා.
ඒ ලකුණු 174කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 04 ක් දැවී ලකූණු 281 ක් ලබා ගැනීමට සමත් වුණා.
කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් රැස් කළ අතර නායක චරිත් අසලංක ලකුණු 78ක් සහ නිශාන් මදුෂ්ක ලකුනු 51ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 24.2කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 107 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 03 ක්, දුනිත් වෙල්ලාලගේ කඩුුලු 04 ක් හා වනිඳු හසරංග කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.