මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ සහෝදරයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී කොස්වත්ත, හාල්දඬුවන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරෙන් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.