අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වුණා.
ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත් මේ වන විට අක්‍රීය වූ ජනන යන්ත්‍ර යළි පණ ගන්වා තිබෙනවා.
ඒ අනුව විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.