රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති අතර ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇති වූ බවටයි සඳහන් වන්නේ

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති බවද සඳහන්.