තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට ස්ථාන මාරු
![](https://epuwath.com/wp-content/uploads/2025/01/ජ්‍යෙෂ්ඨ-පොලිස්-අධිකාරිවරුන්-11-දෙනෙකුට-ස්ථාන-මාරුවීම්.jpg)
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය
සඳහන් කරනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව, පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ කරවිට – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙසත්,
රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ – බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට, බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහාත්, (වහාම ක්‍රියාත්මක වන පරිදි)
රාජකාරී ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න – රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට, මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරීම සදහාත් ස්ථාන මරු කිරීම් සිදුකර තිබෙනවා.
මීට අමතරව, වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාව නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත් කිරීම සිදු කර තිබෙනවා.