ජනපති දිවයිනෙන් පිටව යයි
![](https://epuwath.com/wp-content/uploads/2025/02/President-leaves-the-island.jpg)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නිල සංචාරයට එක්වන්නේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් / බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන මහත්වරුන් සමග තවත් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා.
ජනාධිපතිවරයා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම අද (10) උදෑසන 10.10ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊකේ 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියා.
මෙම සංචාරය අද (10) සිට ලබන (13) වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ගිවිසුම් ගණනාවකට ද එළඹීමට ද නියමිතයි.