‘ඇල්ල ඔඩිසි නානුඔය’ අද සිට

ඇල්ල ඔඩිසි නානුඔය, නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද (10) සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර  මහතා   සඳහන්  කරනවා.

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ අනිත් සෑම දිනකම S14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිත අතර පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනවා.

පළමු පන්තියේ වෙන්කල ආසන (AFC)- රුපියල් 7,000ක්, දෙවන පංතියේ වෙන්කල ආසන (SCR) රුපියල් 6,000,තෙවන පංතියේ වෙන්කල ආසන (TCR) – රුපියල් 5,000ක්.