පොල් පැල මිලියන 2.5ක් වගා කිරීමේ සැලසුමක්

පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසනවා.

එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි.

ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවද ඔහු  පවසනවා.

2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර  තිබෙනවා.

ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සදහන් කර තිබෙනවා.