දුම්රිය නවතා පලාගිය රියදුරුගේ වැඩ තහනම්
![](https://epuwath.com/wp-content/uploads/2025/02/කොග්ගල-දුම්රිය-ස්ථානයේ.jpg)
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේදී නවත්වා ඉවත්ව ගිය දුම්රිය රියැදුරාගේ සේවය අත්හිටවීමට කටයුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත්, එහි ප්‍රතිඵල මත රියැදුරු සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා..
අදාල රියැදුරු, තමාට අසනීප යැයි පවසා කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා ගොස් ඇති අතර, දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් එහිදී දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා..
පසුව වෙනත් දුම්රියකින් මගීන් පිටත් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.