අද කාලගුණය
![](https://epuwath.com/wp-content/uploads/2025/01/Todays-weather.jpg)
අද දිනයේ (08) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.