පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අදා​ල ප්‍රතිපත්ති සහ නියාමනයන් ගැන නිර්දේශයන් අදාල කමිටුවෙන් ඉල්ලා තිබෙනවා – අගමැතිනි

පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්දේශයන් ඒ සඳහා පිහිටුවා ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල මෙතෙක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව ක්‍රියාත්මක වී ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර, රාජ්‍ය විශ්ව විද්‍යාල සමග ද සාකච්ඡා කර ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා වාර්තාවක් තමන් විසින් මේ සඳහා පත්කර ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර  තිබෙනවා.