වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය වීරත්තගල යාය කඳු රක්ෂිතයේ ගින්නකින්,අක්කර 5 කට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.
අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබුණා.
කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පලකරන්නේ