මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (06) කැඳවූ අවස්ථාවේදී එය මාර්තු 19 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා කරුණු දැක්වුවා.