වගාවන් හානියට පත් ගොවීන්ගේ වන්දි ගෙවීම් මේ මාසය තුළ අවසන්
පසුගියදා ඇති වූ ජල ගැල්මෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීම මේ මාසය තුළදී අවසන් කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
2024 /2025 මහකන්නයට අදාළව පසුගිය නොවැම්බර් 26 වනදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්රික්ක කිහිපයකම වගා හානි වන්දි ගෙවීම් සිදු කෙරුණා.
පොළොන්නරුව දිස්ත්රික්කයේ වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 114 ක මුදලක් නිදහස් කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.
පොළොන්නරුව දිස්ත්රික්කයේ අක්කර 9067කට අධික ප්රමාණයක් සඳහා මෙසේ වන්දි හිමි වනවා.
ඒ ගොවීන් 6239 දෙනෙකු සඳහායි.awa
වවුනියාව මුලතිව් හා ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල ගොවීන්ගේ ගිණුම් සඳහා වන්දි මුදල් බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 70 ක්.
අම්පාර , ත්රිකුණාමලය , මන්නාරම හා අනුරාධපුර යන දිස්ත්රික්කවල වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.