දිමුත් ටෙස්ට් පිටියට සමුදෙයි?
![](https://epuwath.com/wp-content/uploads/2025/02/දිමුත්-ටෙස්ට්-පිටියට-සමුදෙයි.jpg)
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව එම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
එම තරගය අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වෙනි ටෙස්ට් තරගය වන නිසාවෙනි.
36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර, මේ දක්වා ලකුණු 7,172ක් රැස්කර තිබෙනවා.
ඔහු ටෙස්ට් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 244කි.