සිරකරුවන් 285කට නිදහස

77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ, ඒ අතර පිරිමි සිරකරුවන් 279 දෙනෙකු වන බවයි.

කාන්තා සිරකාරියන් 6 දෙනෙකු ද සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ අතර නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අද (04) හිමි වනවා.