සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් දිවයිනට
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් , තුන් දින සංචාරයක් සඳහා අද (03) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත් , පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් කටුනායක ගුවන් තොටුපොළේ දී සඳහන් කළා.
ජොන්ටි රෝඩ්ස් අද (03) දින අලුයම 05.25 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ගුවන් තොටුපොළ සේවිකාවන් විසින් ඔහු පිළිගනු ලැබුවා.
කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කර තිබෙනවා.