ට්‍රම්ප් රටවල් 3කට තීරු බදු පනවනයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා තිබෙනවා.

කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු පැනවීමට ඔහු සැලසුම් කර තිබෙනවා.

චීනය, කැනඩාව සහ මෙක්සිකෝව යනු අමෙරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන්ය.

පසුගිය වසරේ අමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

එහෙත් 2018 වසරේ සිට චීනයෙන් අමෙරිකාවට භාණ්ඩ ආනයනය කිරීම අඩාල වී ඇති බවද වාර්තා වේ.

මෙලෙස නව ඉහළ බදු පැනවීම ප්‍රධාන වෙළඳ යුද්ධයකට මුල පුරනු ඇති බවත් අමෙරිකාවේ භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා තිබෙනවා.