නාස්තිය හා දූෂණය පිටුදැකීම අවශ්‍යයි – සුනිල් හඳුන්නෙත්ති

ආර්ථික පරිවර්තනයක් කරා රට ගෙන යන ගමනේ දී නාස්තිය හා දූෂණය පිටුදැකීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

මේ අතර රජයේ විඝණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා කියා සිටියේ රටේ බොහෝ ආයතන විඝණනය සදහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ නැති බවයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනක දී මෙම කරුණු හෙළි කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.