IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලෙහි සංශෝධනයක්
ලංකා IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන පරිදි සුපිරි ඩීසල් මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සුපර් ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18 කින් ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර ඇති අතර නව මිල රුපියල් 331 ක් ලෙසයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.