ජනපති අද යාපනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.