පාර්ලිමේන්තුව පෙබරවාරි 5 සිට 7 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පසුගිය 23 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.