ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි
මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2කේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.
මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් ය එම සංඛ්‍යාව 37,383 ක් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.