බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් බහාලුම් 323 ක් නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කරන්නැයි බස්නාහිර  පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .

හිටපු මහජන නියෝජිතයන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිපදෙනෙකු බහාලුම් සිද්ධිය මුල්කර ගනිමින් සෘජුව හා වක්‍රව තමන්ට චෝදනා එල්ල කරන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ.

මෙය තමන්ගේ කිර්ති නාමයට හානියක් බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු කියා සිටිනවා.

මේ අතර පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තම වෘත්තිය සමිතිය කළ හෙලිකිරීම යොදාගනිමින් ඇතැමුන් වෙනත් වාසි ලබාගැනීමට උත්සාහ දරණ බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ .